ලාංකීය දේශපාලන , සමාජීය ඉතිහාසයේ මුල්ම වරට ජන බලවේගයක් විසින් ආණ්ඩුවක් මට්ටුකොට ඇති මොහොතක මෙම සටහන තබමි. මෙකී විප්ලවීය ජන නැඟුම් මෙරටට ආගන්තුක වුවද , පසුගිය දශක එක හමාර පුරාවටම මෙවැනි පොදු ජනයාගේ සටන් රාශියක් පෙරළන්නට නොහැකියැයි කියූ ආණ්ඩූ හොඳහැටි මට්ටු කොට ඇත. දුම්රිය නවත්වා , දුරකතන සම්බන්ධතා වළකා , අනීතීක ඇඳිරි නිතීයක් පනවා තවදුරටත් ජනයා පාගා ගෙල සිඳිය හැකැයි කල්පනා කළ නන්දසේන ගෝඨාභය ඉල්ලා අස්විමේ ලිපිය මේ වනවිටත් කෙටුම්පත් කරනවා විය හැක. අරගලකරුවන් විසින් ගාලු මුවදොර අග්‍රාමාත්‍ය ලේඛම් කාර්‍යාලයේ සිට අරලියගහ මැදුර දක්වා සිය ග්‍රහනය තද කොට ඇති අතර මෙම සටහන ලියවෙන මොහොත වන විටත් පක්ෂ නායකවරුන් සිය සාකච්ඡා ආරම්භ කොට ඇති අතර ජනාධිපති සහ අගමැති දෙදෙනාම බොහෝ විට අද මධ්‍යම රාත්‍රියට පෙර ඉල්ලා අස්වනු ඇත. එයින් ඇතිවන්නා වූ පුරප්පාඩුව කෙටි කලකට කතානායක හරහා සැපිරී , අනතුරුව සර්ව පාක්ෂික ආණ්ඩු ක්‍රමයක් හරහා කඩිනම් මැතිවරණයකට යනු ඇත. පිටින් බැලූ කල ඉදිරි දේශපාලනික බලතුලනය වීම එය විය හැක. පොදු ජනතාව ආරම්භක පියවර අද උදෑසන සාර්ථක අන්දමින් ආරම්භ කොට මේ වන විට එහි උච්චතම අවස්ථාව පසුකරමි...