Posts

Showing posts from April, 2022

සාටකයා ඝාතකයා

Image
  මහරාජා ආයතනය ගිනි තැබු දිනයේදි එවකට ලීඩර් කතෲ ධූරය දැරු ලසන්ත වික්‍රමතුංගයන් මාධ්‍යයට පැවසුවේ ලසන්ත වික්‍රමතුංග සිය දියණිය සමඟ   "we as a media personal will have to face this challenge and this is not the first time media organization come on to the attack.Certainly this one won't be a last one" එයින් දින දෙකකට පසුව එනම් 2009 වසරේ ජනවාරි මස 8 වන දින උදෑසන 10:25 පමණ ගල්කිස්ස ටෙම්පල්ස් මාවතේ පිහිටි ලීඩර් කාර්‍යාලයට ගමන් කරමින් සිටින විට අත්තිඩිය ආසන්නයේදි  ඝාතනයට ලක් විය . මුහුණ ආවරණය කෙරු යතුරුපැදි දෙකකින් වික්‍රමතුංග මහතා පසුපස හඹා ආ ඝාතකයෝ ඔහුගේ මුහුණට වෙඩි තැබු අතර ප්‍රහාරයෙන් පසුව සැනෙකින් කළුබෝවල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ඒ මහතා එහි ප්‍රතිකාර ලබන අතරතුර ප.ව 02:25 පමණ  මරණයට පත්විය.එවකට ජාතික රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා වූ ආචාර්ය මොහාන් සිල්වා මහතා සහ රෝහල් කාර්‍යමණ්ඩලය යුහුසුළුව ක්‍රියාත්මක වුවද , ඝාතකයන් ඉතා ආසන්නයේ සිට එල්ල කල වෙඩි පහර හේතුවෙන් හිසට සහ ගෙල පෙදෙසට ඇතිවූ මරණීය තුවාල හේතුවෙන් ඔහු මියගිය බව වෛද්‍ය අනිල් ජයසිංහ මාධ්‍යයට ප්‍රකාශ කොට සිටියේ ය. ඩේ...