මෙය මගේ වැඩිමහල් සහෝදර මිතුරියකගේ ඉල්ලීමකි. පහත් ඇමිණූ අකුරු සියල්ලක්ම ඇත්තේ ඈට නොකියූ ,ඈ කෙරෙහි මා සතු ගෞරවය පමණි. පාසල් සමයේ කාලවර්ණිත කෙසඟ උසැති , මොළයේ අංශු මාත්‍ර යුවතියක් කිසිදිනක දෙවරක් හැරී නොබලනා අඟ පසගින් හෙඹි වූ මාගේ ආදරය යොමූ වූවේ එකල උන් සුන්දරම තරුණියට යි. එකල අප තරුණියක් සුන්දර යැයි අප තක්සේරු කළේ ඇගේ මුහුණේ ,සිනහවේ සහ නිකටේ සුන්දරත්වයෙන් පමණි. තරුණියක් සුන්දර විය යුත්තේ මුහුණෙන් පමණක් නොවන වග මට තේරුම් යෑමට සරසවියේ වසර දෙකක් ගතකිරීමට සිදු විය. මෙසේ අවුරුදු විසිතුනක් පුරාවට මා හට යුවතියන් දෙදෙනකු පමණ ඉතා ආසන්නයෙන් ආශ්‍රය කිරීමට ලැබිනි. වාද නොකරන්න. පැහැදිලිව ඔවුන් පෙම්වතියන් ය. ඔවුන් දෙදෙනාම ඒ ඒ සමාජ ස්තරයන්ගෙන් පැමිණි යහපත් මිනිස්සූන් දෙදෙනෙකි.නමුත් , ඉන් සරසවිය තුළ මට හමුවු කාන්තා පෞරුෂය මා ඉතා ගරු කරන සහ මම ඉන් පෙර නොදුටු අයෙකි.එම අවසානය කෙසේ වූවත් නැවත ඒ දෙස හැරී බැලු කලක ඒ සෑම මොහොතක්ම සුන්දර මතකයන් පමණක් බව මට තේරුම් ගත හැක . ඉහතකී සම්බන්ධතා දෙකෙහිම මා තේරුම් ගත් යම් පොදු තර්කනයක් ඇත. එනම් කාන්තාව යනු සුළුකොට හෝ ස...