Posts

Showing posts from March, 2026

ඉරානය : මිළඟ ලිබියාව නොවිමටනම්.

Image
 ඉරාන ආධ්‍යාත්මික නායක අල් කාමේනීගේ ඝාතනය පිළිබඳව එක් පිරිසක් ජය ඝෝෂා පවත්වන අතර තව පිරිසක් හඬා වැළපේ.  දැනට කියවෙන වාර්තා අනූව එක්සත් ජනපදයේ අනුදැනුම ඇතිව ඊශ්‍රායලය  ඉරානය සමඟ සාකච්ඡා සිදුකරන අතර අල් කාමේනීගේ ටෙහෙරාන් ආරක්ෂිත නිවස්නයට Bunker buster බෝම්බ ( ඝන කොන්ක්‍රීට් තට්ටූ විනිවිද යාහැකි අන්දමේ බෝම්බයක්) ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එයින් කාමේනී , ඉරානයේ උසස් නිලධාරීන් සහ කාමේනීගේ පවූලේ සමීපතයන් කිහිපදෙනෙක් මියගොස් ඇත.  86 හැවිරිදි කාමේනි. ඊයේ දිනයේ ඉරාන ගුවන් ප්‍රහාර අබූඩාබි, කටාර්,බහරේන් සහ සිරියාවට එල්ල කර ඇත්තේ කාමේනීගේ මරණය සමඟ ඇතිවූ ආවේගයෙන් බව ඉරාන මාධ්‍ය උපුටමින් බටහිර මාධ්‍ය වාර්තාකර තිබිනි. කාමේනී වසර දෙකකට පෙර සිටම තමන්ගේ අනූප්‍රාප්තිකයා පිළිබඳව සිතේ තබාසිටි නිසා බොහෝ විට තව පැය 48 තුළ නව අධ්‍යාත්මික නායකයකු පත්කර IRGC ට නියෝග සපයනු ඇත. බොහෝ විට ඒ ඔහුගේ එක් පුතකු බව කියවේ. තරුණ කාමේනි. වඩා වැදගත් වන්නේ ඉරාන රෙජීමය පෙරළිමෙන් පසු මැදපෙරදිග ඇතිවන තත්වය විමසිමයි. ඉරානයට දැන් මාර්ග කිහිපයක්  ඇත. එකක් ආයූධ බිම තබා එක්සත් ජනපදය සමඟ සාකච්ඡාවට ගොස් සුමටව බල...