Posts

Showing posts from November, 2023

අපි නොදන්න ක්‍රිකට් !!!

Image
 මම ක්‍රිකට් බලනවා හැබැයි ඒකෙන් කියන්නේ නෑ IPL ,BPL, CPL වගේ pL ඉස්සරහට ඉංග්‍රීසී හෝඩියේ තියෙන හැම අකුරම දාපු තරග බලනවා කියලා. අනිත් එක ලෝක කුසලානයක් එන්නේ අවුරුදු හතරකට සැරයක් නිසා. (පුංචි මල්ලීලා කලබල වෙලා ඇඟට ගොඩ වෙන්න එපා ගිය අවුරුද්දෙත් තිබ්බනේ ඩෝ !! කියලා) අනූවේ අපිට ක්‍රිකට් කියන්නේ ටෙස්ට් සහ වන්ඩේ(One day) . ඔයාලා ආසාවෙන් බලන පාට පාට ඇඳුම් ඇදන් බලන T20 අපිට පොඩි After party එකක් විතරයි.   මට 2004 ඉඳන් ලංකාව ගහනවා මතකයි.බොරු කියන්න ඕන නෑ නේ මම අරවින්ද ට කොච්චර ආස උනත් මට 2003 දකුණු අප්‍රිකාවේ වර්ල්ඩ් කප් එක ගැන හාංකවිස්සියකවත් මතකයක් නෑ. ඒ නිසා කිළිටූ නොවුනූ අවුරුදු 19 මතක මගේ ක්‍රිකට් පොතේ තියනවා.  මම මාර්වන්ගේ ඉදන් කුසල් වෙනකන් කැප්ටන්ස්ලා දැකලා තියනවා. අර එක කාලෙක උදේ උපුල් තරංග කැප්ටන් කරලා හවස තේ බොන කොට මැතිව්ස් කරලා රෑ නිදා ගන්න යනකොට චාමර කපුගෙදර කැප්ටන්සි කරන කාලෙත් උන්නූ කැප්ටන්ලා මට මතකයි.  මුරලි අස්ගීරීයෙදි පෝල් කොලිවූඩ් අරගෙන වෝන්ව පහූ කරනවා හරියටම මම බලාගෙන හිටියේ මහේ අම්මගේ මහගෙදර ඉදන්. එතකොට මට යාන්තම් අවුරුදු නමයයි. මුරලිගේ වයිෆ් සතුටු වෙ...