2022 අයවැයෙන් මාස කිහිපයක් ඉක්මවු තැන ලද යම් නිස්කලංක වටපිටාවක් තුළ නැවත මඟහැරුනා වූ ලිවිමේ සහ කියවිමේ නිදහස ලැබි ඇත. නමුත් සීතලවූත් විචිත්‍රවූත් නත්තල මේ සති අන්තයෙන් සැනින් හමාර වන බැවින් සහ ඒ සමඟම නව වසර එළඹෙන නියාවෙන් මෙම ලිපිය හැකි ඉක්මනින් අවසන් කිරිමට අදහස් කරමි. නව වසරට පියනගන්නා වූ ඔබ සැම මෙහි කරුණු කාරණා සාවධානව සහ උපේක්ෂා සහගතව ධාරණය කොට විචාරශිලී අදහස් දක්වමි යැයි ලේඛක පාර්ශවය වන මා විශ්වාස කරන්නෙමි. එළැඹෙන වසරේ ජනවාරි අවසන් විමට පෙර අප සංවර්ධිත බැඳුම්කර නිකුතු දෙකක මුදල් නැවත ගෙවිය යුතු අතර ඊට අමතරව ආසියානු සංවර්ධිත බැංකුවට සහ ජපානයේ ජයිකා ආයතනයට තවත් ඩොලර් මිලියන් 240 පමණ මුදලක් ගෙවිය යුතු වේ. සමස්තයක් වශයෙන් අජිත් නිවාඩ් විසින් ජනවාරි මස අවසන් විමට පෙරාතුව භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන් 930 ආසන්න මුදලක් ණය සහ පොලී වශයෙන් ගෙවිය යුතු අතර දැනට ආණ්ඩුව සතසංචිතගත මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන් එකකි. සරල ගණිතමය සිද්ධාන්තයන්ට අනුව නිසි ණය කළමණාකාරිත්වයකින් තොරව ජනවාරි මස මුල කිරිබත් කපා කිරි උතුරුවා වසර ආරම්භ කළද අනිවාර්ය බංකොළොත්බාවයකට රට ඇඳ වැටිම නැවැත...