මෙරට තුළ සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව ප්‍රාමාණික අයුරින් හදාරා ඒ හා සමානව එහි භාවිතය ප්‍රයෝජනයට ගත් උගත් පරපුරේ ආදිතම පුරුක මීට මසකට පමාන පෙර දිවංගත විය. එකී පරම්පරාවේ සාමාජිකයන් වූ සාහිත්‍යයධර මාර්ටින් වික්‍රමසිංහයන් ,මහාචාර්ය කාලෝ ෆොන්සේකා , සිනමාවේදි ආචාර්ය තිස්ස අබේසේකරයන් , මහාචාර්ය සුචරිත ගම්ලත් , මහාචාර්ය එදීරීවීර සරත්චන්ද්‍රයන් , ටයිටස් තොටවත්තයන් ලෙසින් වූ නාමාවලියේ අවසානතමයා අන්කවරකු නොව මෙරට කීර්තිමත් ප්‍රාග් ඉතිහාසගත කැණිම් ශිල්පියේ මූලිකත්වය ගත් ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගලයි. "සාහිත්‍යය කන්න දැයි ?? " ඇසූ ජනාධිපතිවරුන් සිටි රටක බොහෝ දෙනෙකු ආචාර්ය දැරණියගල නොදැන සිටිම විස්මයට කරුණක් නොව. පහතින් දිගහැරෙන කරුණු සමුදාය ගොඩනැගෙන්නේ මෙය කියවන බහුතරය ආචාර්ය දැරණියගලයන් පිළිබඳ නොදන්නවා යන උපකල්පනය මතයි. ඉතිහාසය යනු හුදෙක්ම ශාස්ත්‍රීය ලිපියක් නොව අනාගතය සහ වර්තමානය එක්කොට යා කරනා මාර්ගයයි.ඉතිහාසයෙන් තොර වර්තමානයක් සේම අනාගතයක්ද නොමැත. ආචාර්ය ශිරාන් දැරණියගල සිය කුරුවිට වලව්වේදි ශිරාන් උපේන්ද්‍ර දැරණියගල 1942 මාර...