මාතර කෝට්ටේගොඩ , රත්නපුරේ මහවලතැන්න , ගම්පහ අත්තනගල්ල , හම්බන්තොට මැදමුලන , අනුරාධපුරේ තඹුත්තේගම වගේම ලංකාවේ දේශපාලනේට දරුණූ සෙලවිමක් කරපූ තැනක් තමා යාපනේ අර්ධද්වීපයේ වැල්වැටිතුරේ කියන්නේ.
ලංකාව අවුරුදු තිහක යුද්ධයක හිර කරලා , අවුරුදු පනහකින් රට සම්පූර්ණයෙන්ම ආපස්සට හරවපූ ප්‍රභාකරන්ගේ උපන් ගම වැල්වැටිතුරේ. විජේවිරට කෝට්ටේගොඩ , මහවලතැන්නට සිරිමාවෝ , අත්තනගල්ලට බණ්ඩාරනායක,මැදමුලනට රාජපක්ෂ , තඹුත්තේගමට අනුර දිසානායක වගේම වැල්වැටිතුරේට ප්‍රභාකරන් වෙන්නේ අන්න ඒ විදියට.
යාපනේ ඉදන් යාපනේ තුඩුවේ පාරේ විනාඩි 40 ගිය තැන වැල්වැටිතුරේට යන්න පුලුවන් . ඊටත් වඩා කන්කසන්තුරේ නමි ඉන්නේ , පලාලි හරහා කිලෝමීටර් 15 දුරින් තියෙන වල්වැටිතුරේට යන්න විනාඩි 25 යයි. තාමත් අව් කාෂ්ටේ ගිනිගන්න වැල්වැටිතුරේ ,ප්‍රභාකරන්ගේ කියන්න කිසිම දෙයක් නෑ. ඔහුගේ උපන් නිවස ආරක්ෂක අංශවලින් බූල්ඩෝසර් කරාත් එක්කම ඉතිරි වෙලා තිබුනේ ඔහුගේ නිවසේ තාප්පයක එක කොටසක් විතරයි. ඒත් තාමත් වැල්වැටිතුරේ වැඩිහිටියෙක්ගෙන්
"Thalaivar (ලොක්කාගේ) ගෙදර කොහෙද ඇහුවොත්. "
ඔහූට ඔබව සැක නැත්නම් ,ප්‍රභාකරන්ගේ ගෙදර තිබ්බ තැනට ඔබව එක්කන් යන්නත් පුලුවන්. ඒත් අඩියෙන් අඩිය තියෙන කඳවුරු නිසා කව්රුත් ඒ අවදානමට කැමැති වෙන්නේ නෑ.
වැල්වැටිතුරේ කියන්නේ ගුප්ත , රහස් හංගන නඟරයක්. ධීවර නගරයක් කියලා පිටින් පෙනූනට , වැල්වැටිතුරේ මිනිස්සූ තනිකරම ජීවත් උනේ හොර බඩූ ජාවාරමෙන්. ඒ හින්දම එකිනෙක කෙරෙහි ඇතිවෙන සැකය , ස්වයං ආරක්ෂණය වගේම මඟහැරීම උතුරේ අනෙක් තැන්වලට වඩා වල්වැටිතුරේ බහුලවම තියෙනවා. මම උතුරේ නොවෙන්නෙක් වගේ බාහිරින් පේනව නම්
"ඇයි උඹ මෙහෙ ආවේ ?" අහන්න ඒ මිනිස්සූ පැකිළෙන්නේ නෑ."
ඒ හැසිරිම කන්කසන්තුරේ , කිලිනොච්චියේ පවා අඩු වැඩි විදියට තියෙනවා. පටූ පාරවල් , පොඩි ගෙවල් , නිතරම අවදානෙන් අවදිවෙලා ඉන්න මිනිස්සූ ප්‍රභාකරන්ගේ LTTE ආරම්භයට හොඳටම කැපූන මිනිස්සූ. 1975 දි යාපනේ ප්‍රතිමූර්තිය වගේ හිටපූ ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පට වෙඩි තිබ්බ වල්වැටිතුරෙන් ආපූ පොඩි කොල්ලා (මුල් කාලේ සංවිධානේ ඇතුළේ ප්‍රභාකරන්ට කීවේ තම්බි (මල්ලී) කියලා.) වුනු ප්‍රභාකරන් , සතාසිවම් ක්‍රිශ්නකුමාර් නොහොත් කිට්ටූ වගේම නඩරාජ් තංගවේලූ නොහොත් තංගදුරෙයි කියන තුන්දෙනාම වැල්වැටිතුරෙන් බත් කාපූ අය. ඒ නිසා වල්වැටිතුරේ කියන නම උතුරේ අනෙක් හැම ගමකටම වඩා ප්‍රසිද්ධයි.
අදටත් වල්වැටිතුරේ ඇතුළු උතුරේ මිනිස්සූ ඊළමට පක්ෂයි ,ආදරෙයි ,නායකයා ගැන ගෞරවයෙන් කතා කරනවා. මං මේ කියන්නේ කසිප්පූ බූලියක් බීගෙන රෑට පිස්සූ නටන අවුරුදු 25-30 කොල්ලෝ ගැන නෙවෙයි. යුද්ධය දැක්ක , වින්ද වැඩිහිටියෝ. හැබැයි ඒ එක්කම යුද්ධයේ බිහිසුණු බවට , තල් ගස් ගලවගෙන යන මෝටාර් වලට , හදිසි වැටලීම් වලට , ගෙවල් දොරවල් දාලා අනාථ කඳවුරු ඇතුළේ ජිවත් වෙන ජිවිතයට අකමැති.
හැබැයි ඒ දෙකෙන් එකක් විතරක් තෝරගන්න බෑ කියලා උතුරේ මිනිස්සූන්ට තාමත් තේරෙනවද කියන එක ප්‍රශ්නයක්.
ඡායාරූපය : වල්වැටිතුරේ අද තත්වය.
❤
ReplyDeleteThank you.
Delete