2022 අයවැයෙන් මාස කිහිපයක් ඉක්මවු තැන ලද යම් නිස්කලංක වටපිටාවක් තුළ නැවත මඟහැරුනා වූ ලිවිමේ සහ කියවිමේ නිදහස ලැබි ඇත. නමුත් සීතලවූත් විචිත්‍රවූත් නත්තල මේ සති අන්තයෙන් සැනින් හමාර වන බැවින් සහ ඒ සමඟම නව වසර එළඹෙන නියාවෙන් මෙම ලිපිය හැකි ඉක්මනින් අවසන් කිරිමට අදහස් කරමි. නව වසරට පියනගන්නා වූ ඔබ සැම මෙහි කරුණු කාරණා සාවධානව සහ උපේක්ෂා සහගතව ධාරණය කොට විචාරශිලී අදහස් දක්වමි යැයි ලේඛක පාර්ශවය වන මා විශ්වාස කරන්නෙමි.
එළැඹෙන වසරේ ජනවාරි අවසන් විමට පෙර අප සංවර්ධිත බැඳුම්කර නිකුතු දෙකක මුදල් නැවත ගෙවිය යුතු අතර ඊට අමතරව ආසියානු සංවර්ධිත බැංකුවට සහ ජපානයේ ජයිකා ආයතනයට තවත් ඩොලර් මිලියන් 240 පමණ මුදලක් ගෙවිය යුතු වේ. සමස්තයක් වශයෙන් අජිත් නිවාඩ් විසින් ජනවාරි මස අවසන් විමට පෙරාතුව භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන් 930 ආසන්න මුදලක් ණය සහ පොලී වශයෙන් ගෙවිය යුතු අතර දැනට ආණ්ඩුව සතසංචිතගත මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන් එකකි. සරල ගණිතමය සිද්ධාන්තයන්ට අනුව නිසි ණය කළමණාකාරිත්වයකින් තොරව ජනවාරි මස මුල කිරිබත් කපා කිරි උතුරුවා වසර ආරම්භ කළද අනිවාර්ය බංකොළොත්බාවයකට රට ඇඳ වැටිම නැවැත්විය නොහැකි තත්වයක් වනු ඇත. එයින් අප මුදවා ගැනිම රාජපක්ෂ ප්‍රමුඛ පවුල භාරකොට ඇති බැවින් ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා නොකරමි.
මෙවන් ආර්ථික පුපුරායෑමක් කොරොනා වසංගතය හා උද්ගත වූ බැරෑරුම් තත්වයක් බව ශුද්ධ වූ ජලය මෙන් පැහැදිලි තර්කයකි. නමුත් බොහෝ ධනවත් රාජ්‍යයන් මෙම ව්‍යසනයෙන් ඉවතට පැමිණියේ ඔවුන් සතු විදේශ සංචිත ප්‍රමාණයේ කළමනාකරණ නිසාවෙනි.අවාසනාවකට මෙරට කොරොනා තෙවන රැල්ලත් පාලනයෙන් තොරව ගිලිහි ගිය මොහොතක රට තුළ වූ විදෙස් සංචිත ප්‍රමාණයද ඒ හා සමාන වේගයකින් අඩුවිය. කොරොනා රෝගය යුරෝපය සිසාර හමා යෑමත් සමඟම එහි සේවය කරාවූ බොහෝ ශ්‍රි ලාංකිකයන් නැවත මෙරටට සංක්‍රමණය වීම ඇරඹිනි. එය ගල්ෆ් වෙත පැමිණෙන කළ මෙරට විදෙස් ශ්‍රමිකයන්ගෙන් 60% ඉක්මවූ පිරිසක් නැවත ගම් රට බලා ඒමට පිටත් විය. මෙරටින් පිටවූ මිලියනයක් ඉක්මවූ විදෙස් ශ්‍රි ලාංකිකයන්ගෙන් එරට ස්ථිර පුරවසියන් හැර අනෙක් බොහෝ ප්‍රමාණයක් නැවත මෙහි පැමිණ ඇත. ආණ්ඩුවේ ඇණ ගැලවිම ඇරඹුනේ එතැන් සිටය.
මෙවන් ඛේදවාචකයක් මධ්‍යයේ වුවද රට කරවන්නන් සහ රට වැසියන් සිය ප්‍රඥාව මෙහෙයවා රටේ සැබෑ ස්වරූපය තේරුම් ගැනිම අතිශය වැදගත් තත්වයකි. එමනිසා අවුල ලෙහා ගැනිමට පෙරාතුව අවුලේ මූල ලක්ෂය සෙවිම වැදගත් කටයුත්තක. එම කතාව සාරාංශයක් ලෙස මෙසේය . මෙරට ප්‍රධාන අපනයන බෝග වන තේ පොල් රබර් හැරෙන්නට මෙරටට ආදයම ලබාදෙන්නා වූ විශාල ප්‍රමාණයෙ ව්‍යුහාත්මක අදියර දෙකකි. ඉන් පළමුවැන්න රෙදිපිළි කර්මාන්තයයි. කොරෝනා සමයෙ ආරම්භ කාර්තුවේ ඒ අංශයටද යම් බලපෑමක් එල්ල වුවද , පසුව එක්සත් ජනපදය සහ යූරෝපය කොවිඩ් කම්පනය පසෙකලා ආර්ථික කම්පනය දරා ගැනිනට යොමු විමත් සමඟ රෙදි පිළි කර්මාන්තයේ තිබු අවහිරතාවන් ඉවත්වන්නට විය . කොවිඩ් දෙවන රැල්ල ආසන්නයෙව් එවකට Hela Clothing හි අධ්‍යක්ෂ ධූරය සහ ඊට පෙර දශක තුනකට අධික ප්‍රමාණයක් MAS හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ධූරය දැරූ ඩයන් ගෝමස් ට අනුව කොවිඩ් පැමිණි මුල් කාර්තුවේ පවා ඔවුන්ට ප්‍රමාණවත් ඉල්ලුමක් යුරෝපීය වෙලඳපොළේ තිබුනද මෙරට ඇදිරි නීතිය තත්වය නිසා නිසි අයුරින් නිෂ්පාදන කටයුතු සිදුකිරිමට අපහසු විය. කෙසේ හෝ 2021 අවසානය වන විට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයෙන් දළ දේශිය ආර්ථිකයට ලැබෙන්නා වූ නිසි කොටස ලැබි තිබිනි. ගෝඨාභය ඇතුළු මහා භාණ්ඩාගාරයට විශාලතම ගැටලුව පැන නැගුනේ විදෙස් ශ්‍රමිකයන්ගෙ නැවත පැමිණිමේදි ය. මෙරට විදේශ විනිමයෙන් විශාල කොටසකට වග කියනු ලබන්නේ විදෙස්ගත සේවය කරනු ලබන මෙරට ශ්‍රමිකයන්ගෙනි. විශේෂයෙන්ම යුද්ධයෙන් පසුව මෙම ප්‍රවණතාව වඩාත් වැඩි වූ අතර නිසි අධ්‍යාපනයක් නොලැබිම ,ප්‍රමාණවත් අන්දමක සමාජ තරාතිරමක් බලාපොරොත්තු විම සහ අඩු වයස් විවාහා වැනි සමාජීය කරුණු මත මෙරට කාන්තාවන් සහ පිරිමින් බොහෝ දෙනෙකු විදෙස් ශ්‍රමිකයන් ලෙස විදෙස් ගත වේ. කොවිඩ් පැම්ණිමත් සමඟම බොහෝ අරාබි අර්ධද්වීපයේ ආයතන බොහෝමයක් සිය දකුණු ආසියානු සේවකයන් සහ අප්‍රිකානු සේවකයින් අනිවාර්යය නිවාඩු යවන ලදි. මේ සමඟ අවසන් කාර්තු දෙක සඳහා මෙරටට අයවිය යුතු විදේශ විනිමය 35% පමණ අවප්‍රමාණ විය. එම අවපාතය වසර අවසානයේ තවත් වර්ධනය වූ අතර මහ බැංකු වාර්තාවේ පවා ඒ පිළිබඳ නිසි අර්ථ දැක්විමක් නොමැත.
දැන් ඔබ මෙන්ම මාද සිතට ගත යුතු කාරණය වන්නේ අප කා බී විනෝද වී තෙල් ගසමින් විනෝදගමන් යෑමට අවශ්‍යය විශාලතම දායකත්වය දක්වන්නෙ එතෙර හිඳ පවුලෙන් වෙන්ව දුකම අනුභව කොට සෝ සූසුම් මැද පනම් දෙකක් මෙරටට එවනා ගැහැණියකගෙනි. මෙහි ගැහැණිය යන්න ගෞරවාන්විත අයුරින් යෙදුවකි .මක්නිසාදයත් ඔවුන් වෙනුවෙන් මුළු රටෙහිම අවධානය සහ ගෞරවය හිමිවිය යුතු නිසාවෙන්.
නමුත් අතිවිශාල තර්ක ඥානයකින් හෙඹි වසර 2500 ඉක්මවූ අතීතයක් උරුමැති වැව් දහස් ගණනින් කරවූ ලෝවාමහාපාය වන් සුවිසල් මන්දිර කෙරවූ රටක්.. ආරාබි අර්ධද්වීපයෙන් ගලනා මුදලක් ලැබෙන තෙක් ආර්ථික වැටකොටු දමා තිබිම හාස්‍යෝත්පාදක කතාවක් නොවේද ??
තාර්කි ඥානයෙන් නොඅඩූ අප වැනි රටකට මෙවන් ඉරණමක් අත්විමේ මුලිකතම හේතුව අධ්‍යාපනික හිස්තැනයි. තවමත් සාක්ෂරතාව (Literacy ) යන්න වරදවා අර්ථ දක්වමින් අප නුවණැති ජාතියක් හෝ රටක් ලෙස තවදුරටත් තර්ක කොට අර්ථ දැක්විම ඵල රහිත වෑයමකි.
සාම්ප්‍රදායික විභාග ක්‍රමයෙන් පියවරක් ඉදිරියට ගත් සෑම ජාතියක්ම දිනෙ දින දියුණු වී ඇත. මක්නිසාදයත් විභාග ක්‍රමයක් යනු ළමයකු සතු පරිකල්පන විභවය සහ නිර්මාණශිලී කුසලතා අමු අමුවේ විනාස කර දමන්නා වු මෙවලමකි. මෙරට වසරකට උපදින දළ දරු උපත් ගන 360000 කි. එයින් සෑම වසරකම අගෝස්තු මස පවතින විභාගයෙන් සරසවි වරම් ලබන්නේ 8% ට ආසන්න ප්‍රමානයකි. දියුණු යැයි සම්මත වූ බොහෝ රටවල් හි මෙම ප්‍රතිශතය 40% තරම් ඉහළ අගයකි. සරල සිද්ධාන්තයට අනුව වසරකට උපදින්නා වූ ලක්ෂ තුනක් පමණ ඉක්මවන දරුවන්ගෙන් අවම අඩකට සරසවි වරම් ලබා දිය යුතූය . එම 50% ප්‍රමාණය්ව්න් 30% පමණ විද්‍යා සහ තාක්ෂණවේදය වැනි ක්ෂේත්‍රයකට අදාළ වූ විෂයන් අධ්‍යනය කරයි නම් ලබන්නා වූ ප්‍රතිලාභ තවදුරටත් ඉහළ යනු ඇත .මැලේසියාව , දකුණු කොරියාව , ජපානය සහ සිංගප්පූරුව පවා අනුගමනය කළෙ එවන් ප්‍රතිපත්තියකි , මහාතීර් මොහොමඩ් වේවා ලී ක්වාන් යූ වේවා ඔවුන් රටක් එක් රැයකින් වෙනස් නොකළද , සෑම රැයකම ඔවුන් රටක් වෙනස් කිරිමට හෝ දියුණු කිරිමට අවශ්‍යය එක් සුළු පියවරක් ගැනිමට මැළි නොවිනි. එහි ප්‍රතිඵල ලැබෙනුයේ ඉන් වසර ගණනක් ඈවෑමෙනි. සරල අර්ථ දැක්විම අනුව මෙරට ආර්ථික බිඳ වැටිමේ මුල්ම වගඋත්තරකරුවා වන්නේ සාම්ප්‍රදායික අධ්‍යාපනික රීතියයි . එය යාවත්කාලීන වන්නේ යම් මොහොතකද එතැනි සිට දශකයක් ගෙවූ තැන සිට කුසලතාපුර්ණ , නිර්මාණශීලී අදහස් සමඟ රටේ ආර්ථික වේගයද වැඩි වනු ඇත.
විශ්ව විද්‍යාලය තුළදි පවා තාක්ෂණික නැඹුරුවක් සහිත ව්‍යවසායක දැනුමක් සඳහා අවශ්‍යය පාඨමාලාවන් සකස් කිරිමට වගකිව යුතු පාර්ශවයන් යම් සාධනීය පියවර ගත යුතු වේ.නමුත් මෙරට අතිශය සාම්ප්‍රදායික චින්තනයෙන් යුතුව තාක්ෂණික විෂය ධාරා සහ ඒ අනුබද්ධිත දැනුම පද්ධති කෙරෙහි ලබාදෙන අවදානය අඩුවන තරමට මෙරට ආර්ථික වර්ධනයේ සංඛ්‍යාත්ම වෙනසක් නොවනු ඇත. මෙවැනි අධ්‍යාපනික ආයතන තුළින් සාම්ප්‍රදායික බෝග වගාවට නවමු ආරයක් ලබාදී. නව දැනුම මුසු කොට , අගය එකතු කොට ( Value Addition ) යන්න සිදු කිරිමට අවශ්‍යය මඟ පෙන්වීම ලබා දේ. නමුත් ජාතියේ අවාසනාවට මෙවන් ස්ථාන පිළිබඳ සාමාන්‍යය ජන සමාජය තුළ ඇත්තේ වපර වූ සිත්තමකි. අපගේ පෞද්ගලික අදහස නම් සෑම මට්ටමක වූ රැකියාවක් සඳහා ලැබිය යුතු වටිනාකම සහ පිළිගැනිම ලැබී එය කර්මාන්තයක් ලෙස දියුණු වී මහා පරිමාණ ආර්ථික ධාරාවට දායකත්වය දරන්නේ යම් සේද , ඒ මත රටේ ආර්ථික සමාජීය දියුණු වීමක පෙර මං සලකුණු පෙනෙනු ඇත.
මෙවන් ලිපියක දේශපාලනික කරුණු පිළිබඳ අකුරකින් හෝ සඳහන් කිරිමට අදහස් නොකරමි. නමුත් 1931 යනු මෙරටට සර්වජන ඡන්ද බලය නම් වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මුලිකතම බලකණුවේ පරම අයිතිය ලැබු වසරයි. එතැන් සිට මේ දක්වා සිදුවූ සාමුහික දේශපාලනික නියෝජනයන් පිළිබඳ ඔබ අප සැවොම නොදන්නවා විය නොහැක. එම නිසා දැනුම පදනම් වූ ආර්ථික ක්‍රමයක අල්පමාත්‍රික සේයාවක් දැනෙනු තුරු දෑස් දල්වා බලා සිටිමු. පහත ඇමිණූ සේයාරුව මෙරට ඉන්ධන හිඟයක් අවස්ථාවේ ගත් ඡායාරූපයකි. ඒ හා ඇමිණූ අනෙක් ඡායාරූපය වෙනිසියුලාවේ 2016 ඇතිවූ ඉන්ධන හිඟයේ දර්ශනයකි.එයින් වසර 5 ගෙවුනු අද වෙනිසියුලාව බංකොලොත් රාජ්‍යයකි.
It is well worth reading...
ReplyDelete